English
Illusion (මුලාව)
Solution (විසදුම)
1. ප්‍රචාරණයට මුලා වීම
මාධ්‍ය තුලින් (TV එකේ, Radio එකේ හා Facebook වැනි සමාජ ජාලා වල) හා තවත් ක්‍රම තුලින් ප්‍රචාරණය කල පමණින් ම සියල්ල සාර්ථක පාඨමාලා නොවේ. ක්‍රමවත් ඉගැන්වීම් වැඩපිළිවෙලක් ඇති පාඨමාලාවක් තෝරා ගත යුතුය.
2. ප්‍රසිද්ධියට මුලා වීම.
ගුරුවරයා හෝ ආයතන ප්‍රසිද්ධ වූ පමණින් ම සිසුවාට සාර්ථකත්වයක් නොලැබේ. වැදගත් වන්නේ ඔබට ඉංග්‍රීසි භාෂා කුසලතාවය සංවර්ධනය කරගත හැකි හොඳම ක්‍රමවේදයයි.
3. සහතික පත්වලට මුලා වීම.
ඉංග්‍රීසි සඳහා හොඳම සහතිකය ඉංග්‍රීසි කථනය සහ භාෂා නිපුණත්වයයි. කෙතරම් සහතික තිබුණත් ඉංග්‍රීසි භාෂා කුසලතාවය නොමැති නම් නිෂ්ඵලය. එම නිසා ඉංග්‍රීසි කථනය ප්‍රමුඛ චතුර්විධ භාෂාවම ප්‍රායෝගික හැකියාව ලබා ගත යුතු ය.
4. කටපාඩම් spoken english වලට මුලා වීම.
ඉංග්‍රීසි යනු භාෂාවකි. දෙබස් කටපාඩම් කර ඉංග්‍රීසි කථා කල නොහැක. බොහෝ කඳවුරු හා ඇකඩමිවල එක දිගට දින කීපයක් කටපාඩම් කරවයි. එවිට, ගිරවුන් මෙන් කියවීමට හැකි වුවද කෙටි කලකින්ම නොහැකියාව ඉස්මතු වේ. එමනිසා, සවන් දී කතා කිරීම සහ කියවා ලිවීම යන භාෂාමය කුසලතාවයන් ලබා ගත යුතු ය. එය මනා සංයමයකින් අවබෝධයෙන් වර්ධනය කරගත යුතුය.
රාජ්‍ය විශ්ව විද්‍යාලයෙන් (කොළඹ), විදෙස් විශ්ව විද්‍යාලයෙන් (london) තුලින් ලද ඉංග්‍රීසි භාෂා දැනුම මෙන්ම පසුගිය දශකය තුල දිවයිනේ සෑම ප්‍රධාන නගරයකම දහස් සංඛ්‍යාත සිසුන් පිරිසකට ඉගැන්වීමෙන් ලද අත්දැකීම් පරිචයද සමඟ නව තාක්ෂණය තුලින් දිවයිනේ සියලු සිසුන්ට ක්‍රමවත් සාර්ථක ඉංග්‍රීසි දැනුමක් තුලින් ඕනෑම විභාගයකින් උසස් ප්‍රතිඵල ලැබිය හැකි විශ්ව භාෂා අධ්‍යාපන වැඩසටහන යථාර්තකරණයේ තීර්ථ යාත්‍රිකයා ඔහු ය.
මුල සිට සරලව පටන්ගෙන සියලු ව්‍යාකරණ ඉගැන්වේ. කිසිම පුද්ගලයෙකුට ඉගෙන ගෙන අවසන් වී කථා කිරීම ආරම්භ කල නොහැක. ඉංග්‍රීසි භාෂාව කථා කරමින් ඉගෙන ගත යුතු ය. ඔබ දන්නා වචන ම උපයෝගී කරගෙන ඉතා සරලව කථා කිරීම ආරම්භ කරන්න අප කියා දෙනවා. ඉංග්‍රීසි කථනයට ඔබ තුල ඇති බිය, සැකය, ලැජ්ජාව දුරු කර ඔබගේ සිතට එන ඕනෑම අදහසක් ඉංග්‍රීසියෙන් ප්‍රකාශ කල හැකි චතුර ඉංග්‍රීසි උගතෙකු බවට ඔබව පත් කරනවා. අප පන්ති කාමරය තුලදීම ඉංග්‍රීසි ජාතික විදේශකයින් සමඟ කතා කරමින් ඔබගේ උච්චාරණය සහ දැනුම වඩාත් සංවර්ධනය කර ගත හැක.
උසස් පෙළ සියලුම විෂය ධාරාවන් සඳහා පොදු අනිවාර්ය විෂය ලෙස සියලුම දරු දැරියන්ට Genaral English හැදෑරීමට සිදු වේ. ඒ සඳහා නියත A සාමාර්ථයක් සඳහා සම්පූර්ණ විෂය නිර්දේශය හා විභාග ඉලක්ක ප්‍රශ්න පත්‍ර තුලින් පුළුල් උසස් දැනුමක් ලබා දෙමින් සිසුන් සූදානම් කෙරේ.
සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීමට අපේක්ෂිත 10 සහ 11 ශ්‍රේණිවල දරුවන් සඳහා දිවයිනේ විශිෂ්ටතම වැඩපිළිවෙල අප සතු බවට පසුගිය වසර ගණනාවක ප්‍රතිඵල සාක්ෂි දරයි. පාසල් විෂය නිර්දේශය පසුගිය ප්‍රශ්න පත්‍ර සහ ඉලක්කගත ප්‍රශ්න තුලින් පූර්ණ විශ්වාසයකින් විභාගයට මුහුණ දී විශිෂ්ට ප්‍රතිඵල ලබාදීමේ අධ්‍යාපන මනෝවිද්‍යාත්මක වැඩපිළිවෙල දරුවන්ගේ විශිෂ්ට ප්‍රතිඵල සඳහා වග කියනු ලැබේ.
අප පාඨමාලාව හැදෑරු දිවයිනේ විවිධ ප්‍රදේශවල සිටින දහස් සංඛ්‍යාත සිසුන් අතරින් කිහිප දෙනෙකුගේ අදහස්...
" මම මේ පන්තියට එන විට ඉංග්‍රීසි කථා කිරීමේ හැකියාවක් තිබුණේ නැහැ. නමුත් දමිත් සර්ගේ ඉගැන්වීමේ ක්‍රමය නිසා දැන් මට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්. මම දමිත් සර්ට ගොඩාක් ස්තූතිවන්ත වෙනවා."
- තිවංක සමරසිංහ , රාජකීය විද්‍යාලය - කොළඹ
" මම සහභාගී වූ පන්තිවලින් හොඳම පන්තිය මේක. සර් ගොඩාක් මිත්රශීලීව අපට ඉගැන්වුවා. සර්ගේ ඉගැන්වීම් රටාව හරිම ආකර්ශනීයයි. දැන් මට බය නැතිව ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්."
- ඉෂාරා මධුවන්ති, ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය - කඩවත
" ලංකාවේ ඉන්න විශිෂ්ටතම ඉංග්‍රීසි ගුරුවරයා ඔබයි. ඔබේ ඉගැන්වීම් රටාව පුදුම සහගතයි. මේ පන්තියට එන්න පෙර අපට ඉංග්‍රීසි කථා කරන්න තිබුණු ලැජ්ජාව දැන් නෑ. අපි ඔබට සදා ණයගැතියි අපගේ ඉංග්‍රීසි කථා කිරීමේ සිහිනය යථාර්තයක් කලාට."
- රිද්මි මංජරිකා , විශාකා බාලිකා විදුහල - කොළඹ
" විටෙක පියෙකු ලෙසත් විටෙක මිතුරෙකු ලෙසත් අපව දිරිමත් කල ඔබ ඉතා උදාර ගුරුවරයෙක්. මාස 3ක් වැනි කෙටි කලක් තුල ඔබ අපට දුන් දැනුම මහ මෙරක් තරම්. ඇත්තටම අපි විවාද, නාට්‍ය තරඟ තුලින් විනෝදනයෙන් දැනුම ලබා ගත්තා. අප වැනි තවත් දහස් සංඛ්‍යාත දරුවන්ගේ නැණ පහන් දැල්වීමට ඔබට ශක්තිය ලැබේවා."
- උදාරා ගුණරත්න , ශාන්ත ජෝසප් බා.ම.වි. - කෑගල්ල.
" විභාගයට කලින් මට මේ පන්තියට එන්න ලැබුනා නම් අනිවාර්යෙන්ම ඉංග්‍රීසි විෂයටත් “A” එකක් ගන්න තිබුණා. මට 6 වසරේ ඉඳලා ඉගෙන ගන්න බැරිවුණ Tences ඇතුළු සියලු ව්‍යාකරණ හොඳින් ඉගෙන ගන්න මේ පන්තියේදී පුළුවන් වුණා. මෙය ඉතා සාර්ථක ඉංග්‍රීසි පාඨමාලාවක් කියලා මට කියන්න පුළුවන්. "
- ශානිකා බණ්ඩාර , ඩඩ්ලි සේනානායක මහා විද්‍යාලය - තෝලංගමුව
For all enquiries, Please contact us. We'd love to hear from you.
0716464120
damithpinnawala@gmail.com
A 25/2 , පින්නවල , රබුක්කන .